ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ, චීන සංවර්ධන බැංකුව හා ශ්‍රී ලංකා රජය රෙන්මිබි බිලියන 2ක කාලීන මූල්‍ය පහසුකම් ගිවිසුමකට එළැඹි බවයි.
ශ්‍රී ලංකා මුදලින් මෙය රුපියල් බිලියන 61.5 ක් ලෙස දළ වශයෙන් දැක්විය හැක.
ශ්‍රී ලංකාව තුළ පවතින කොවිඩ් වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ කටයුතු වෙනුවෙනුත් සහ ආර්ථික පුනර්ජීවනය, මූල්‍ය ස්ථාවර භාවය ආදී අංශ වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම් ලබාදීමට චීන සංවර්ධන බැංකුව කටයුතු කර තිබේ.