සහල් මෙට්‍රික් ටොන් 5,000ක ආධාරයක් චීනය විසින් මෙරටට ලබා දී ඇත.
අදාළ සහල් තොගය නිල වශයෙන් භාර දී ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදුවිය.
එම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ චීන තානාපති Qi Zhenhong එක්ව ඇත.
මෙමආහාර වැඩසටහන යටතේ සහල් අධාර චීන රජය විසින් සිසුන් දස ලක්ෂයකට ආසන්න පිරිසකට චීනයේ ජනතාවගේ මිත්‍රත්වයේ සළකුණක් වශයෙන් ලබා දීමට නියමිත බව වාර්තා වේ.
මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ තෝරාගත් පාසල් 7,925ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඉන් මෙරට පාසල් ප්‍රමාණයෙන් 78%ක ප්‍රමාණයක් ආවරණය වනු ලබයි.