තායිවානය විසින් චෝදනා එල්ල කර ඇත්තේ සිය ගුවන් ආරක්ෂණ කලාපයට චීන යුද ගුවන් යානා වාර්තාගත අන්දමින් ඇතුළු වී ඇති බවට වන අතර තායිවානය වැඩිදුරටත් සඳහන් කරන්නේ සිකුරාදා සිට දින 04ක් පමන කාලයක් තුළ එලෙස ගුවන් යානා 150ක් පමණ සිය ගුවන් තලයට ඇතුලු වී ඇති බවයි.
තායිවානය සඳහන් කරන්නේ ඔවුන් සිය නිදහස් දිනය සැමරීමට සූදානම් වන විට චීනය මෙලෙස ප්රකෝපකාරී ලෙස කටයුතු කරන බවත් එයට හේතුව චීනය විසින් තායිවානය ඔවුන්ගේ රටට අයත් දිවයිනක් ලෙස සලකන නිසා බවත් ය.
තායිවාන ජනාධිපතිනිය සායි ඉන් වෙන් සඳහන් කරන්නේ ඔවුන්ට ස්වාධීන ප්රජාතන්ත්රවාදයක් පවතින බවත් තායිවානය චීනයට නතු උවහොත් තම රටට විනාශකාරී ප්රතිඵල අත්විය හැකි බවත් චීනයේ බලපෑම් හමුවේ කිසිවිටෙක නොනැමෙන බවත් ය.