චීනෙන් ගෙන්වපු ඩීසල් ආණ්ඩුව වෙන දේවල් වලට භාවිතා කළාද ?

මේ වන විට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොයම් කැපීමේ කටයුතු ආරම්භ කළද ඩීසල් නිසි වේලාවට ලැබී නොමැති බව ගොවි ජාතික සමුළුවේ කැදවුම්කරු නිමල් වතුහෙවා මහතා ප්‍රකාශ කරන ලදී . ඒ සදහා වැඩපිළිවෙලක් යොදා අවශ්‍ය ඩිසල් ප්‍රමාණය නිසි වේලාවට  ලබා දෙන ලෙස ඔහු සදහන් කර සිටියේය.

එමෙන්ම රජය වී මිලදී ගැනීම සිතාමතා මගහරින බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් ගොවිබල මණ්ඩලයේ සභාපති තක්ෂිලා දේශප්‍රිය ප්‍රකාශ කර සිටියේය .

එමන්ම චීනෙන් නොමිලේ ලැබුණු ඩීසල් ආණ්ඩුව වෙනත් ක්‍රියාවන් වලට යෙදෙව්වා ද යන්න සැකයක් පවතින බව ගොවි ජාතික සමුළුව කියයි .

Exit mobile version