චීනෙන් නොමිලේ නිල ඇඳුම්.

මෙම වර්ෂයේ නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීමේ වැඩසටහන යටතේ එම නිල ඇඳුම්වලින් සියයට 80ක් චීන මහජන සමූහාන්ඩුවේ ප්‍රදානයක් ලෙස ලැබෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම ඉතිරි සියයට 20 එම ප්‍රදානය සැපයෙන චීන සැපයුම්කරුවන්ගෙන් මිලදී ගන්නා බවට එම අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

රජයේ සහ රජයේ ආධාර ලබන පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යයාවන් මෙන්ම රජය අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීලමාතාවන් සහ ගිහි සිසුන් මෙම නොමිලේ නිල ඇඳුම් හිමිකම ලබයි.

මේ යටතේ ශිෂ්‍ය වර්ග හා ඉගෙනුම ලබන ශ්‍රේණි අනුව රෙදි කට්ටල වර්ග 35ක් නොමිලේ ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

Exit mobile version