චිනයෙන් කාබනික පොහොර මෙරටට ගෙන්වීම පිළිබඳව රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නාලිකා රණතුංග මහත්මිය විසින් වැදගත්වන සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පලකර තිබුණි.
ඇය එහි මූලික වශයෙන් සටහන් කර නිබුණේ අවස්ථා තුනකදී නිරෝධායන පරීක්ෂණයෙන් අසමත්, ශාක රෝගාකාරක බැක්ටීරියා ඇතුළු තවත් ක්ෂුද්‍ර ජීවීන් සිටින බව හොඳින් දන්නා ,නයිට්රජන් ප්රභවය පිළිබඳව නොදන්නා චීන කාබනික තොගය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව ඇති බවයි.
මෙම කාබනික පොහොර තොගය මෙරටට ගොඩබානවාද නැද්ද යන්න අත්සන් කිහිපයක තීරණයක් වුව ද එසේ තබන අත්සනින් මෙරට කෘෂිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ අනාගතය පිළිබඳව තීරණය කරනු ලබන බව ද එතුමිය සඳහන් කර ඇත.
එමෙන්ම ඇය සඳහන් කළේ, “මෙසේ ගෙනෙන ලද ක්ෂුද්‍ර ජීවීන් අපේ පසට ,අපේ බෝගයන්ට, සතුන්ට සහ මිනිසුන්ට කවරාකාරයේ බලපෑමක් එල්ල කරතිදැයි පුරෝකථනය කිරීම සමත් කිසිවෙකු නැත.මිනිසුන් මෙන් ම කාර්මීකරණය වූ ප්‍රදේශ බහුල චීන පසෙහි ඇති ක්ශුද්‍රජීවීන් ද වඩාත් ආක්රමනශීලි වේ යැයි නිකමට මට සිතේ.”යනුවෙනි.
ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම වරද මතු කිසිම දිනක නැවත හැරවිය හැක්කක් නොවන බවත් යම් හෙයකින් රට සුරකින නිරෝධායන ආරක්ෂිත වලල්ල බිඳ හෙලුවහොත් ,අනාගතයේ තව තවත් මෙවැනි ව්‍යවසන අපේ මව්බිම කරා ඉතා පහසුවෙන් ලඟා වනු ඇති බවයි.
මේ පිළිබඳ කෙතරම් පොරොන්දු දුන්නද මෙය අපගේ රට තුළට ඇතුළු නොකර සිටීමට තරම් බලයක් ඇති අයහෝ සංවේදී වේයැයි කිසිසේත් බලාපොරොත්තු තැබිය නොහැකි බවයද ඇය සංවේගයෙන් යුතුව සඳහන් කර ඇත.