පුද්ගලයින් 133 දෙනෙකු රැගත් චයිනා ඊස්ටර්න් ගුවන් සේවාවට අයත් මඟී ජෙට් යානයක් නිරිතදිග චීනයේ දී අද පස්වරුවේ අනතුරට ලක් විය .
කෙසේවෙතත් මෙම අනතුරින් මේ වන විට තුවාල ලබා ඇති සංඛ්‍යාව හෝ මරණයට පත්ව ඇති සංඛ්‍යාව මේ වන තෙක් තහවුරු කර නොමැති බවයි චීන CCTV රූපවාහිනී සේවාව ප්‍රකාශ කළා .
බෝයිං 737 (Boeing 737) වර්ගයේ මෙම යානය ග්වාන්සි (Guangxi) ප්‍රදේශයේ වූසූ (Wuzhou) නගරයට ආසන්න ගම්බද ප්‍රදේශයකට කඩා වැටී ඇති ඔවුන් වැඩි දුරටත් වාර්තා කළා .
CCTV රූපවාහිනී සේවාව පැවසුවේ අදාළ ගුවන් යානය අනතුරට ලක්වීමට හේතුව එම ප්‍රදේශයේ පැතිර ගිය ලැව් ගින්නක් හේතුවෙන් මතු වූ අධික දුමාරය විය හැකි බවයි.