චීන ගුවන් සේවා සහ තාක්ෂණ සමාගම් කිහිපයකට අමෙරිකාවෙන් තහනමක් .

පසුගිය සතියේ ඇමෙරිකානු ගුවන් සීමාව හරහා චීන බැලුනයක් ගමන් කරවීම හේතුවෙන් චීන ගුවන් සමාගම් සහ තාක්ෂණ සමාගම් කිහිපයකට ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව විසින් තහනමක් පනවා ඇති බව වාර්තා වේ.

 මෙම තහනම බයින්ඩින් පරිපාලනයේ පළමු ආර්ථික පලිගැනීම බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. එසේම මෙම තහනම පනවා ඇත්තේ ඇමෙරිකාවේ චීන සාමාගම් පහක් සහ එක් පර්යේෂණ ආයතනයකට බව කියයි. බුද්ධි අංශ ඔත්තු බැලීම සදහා භාවිතා කරන ගුවන් යානා සහ බැලුන සම්බන්ධ චීන හමුදා වැඩසටහන් සදහා මෙම ආයතන සහය දී ඇති බව ඇමෙරිකාව චෝදනා කරන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරයි.

Exit mobile version