චීන දූත පිරිසක් මෙරටට

අද (18) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය උපදේශිකා ෂෙන් යින්කින් මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණ තිබේ.

වාර්තා වන ආකාරයට ඇය සමග එරට තවත් උසස් නිලධාරීන් 18 දෙනෙකු ද පැමිණ සිටින අතර ඔවුන් අද දින රාත්‍රී 06.30ට මාලදිවයින මාළේ නුවර සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

එම දූත පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහ ක්‍රීඩා, තරුණ කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබුණු බවට තවදුරටත් වාර්තා වේ.

Exit mobile version