බැසිල් රාජපක්ෂ සහ අමෙරිකානු නියෝජිතයෙකු විසින් ලබන 11 වනදා හම්බන්තොට වරායට පැමිණීමට සැලසුම් කර තිබූ චීනයේ යුවාන් වැන්ග් 05 සන්නිවේදන නෞකාව පැමිණීම නවතාලන ලෙසට ජනාධිපති වෙත බලපෑම් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙම නෞකාව නැවැත්වීමට කටයුතු කළේ නැතිනම් ජනාධිපතිධූරය අවසන් කරන බවට ඔවුන් දැනුම් දී ඇති බවයි.
ඒ අනුව ජනාධිපතිතුමන්ට කරන ලද මෙම බලපෑම් හමුවේ අදාළ නෞකාව නැවතීමට කටයුතු කර ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
කොළඹ දී පැවති මාධ්‍ය සාක්ච්ඡාවක් අමතමින් ඔහු මේ බව සඳහන් කර ඇත.