චීන නෞකාව ශ්‍රී ලංකා සිමාවෙන් ඉවතට

පසුගිය දිනවල බහුල වශයෙන් කතාබහට ලක් වූ අහිතකර බැක්ටීරියා අඩංගු බවට වාර්තා වූ කාබනික පොහොර අඩංගු චීන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවත්ව යන බවට එම නෞකාව විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (08) අභියාචනාධිකරණය වෙත දන්වා ඇත.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ශ්‍රී ලංකාවට කාබනික පොහොර ආනනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදරිපත් කරන ලද රිට් පෙත්සම සලකා බැලීමට කැඳවනු ලැබූ අවස්ථාවේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා එම දැනුම්දීම සිදු කර ඇත.

අද (08) දිනයේ මෙම පෙත්සම සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

Exit mobile version