අද (26) චීනය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද ඩීසල් තොගයක් රැගත් “Super Eastern” නෞකාව කොළඹ වරායට සේන්දු වී ඇත.
මෙම නෞකාව ඩීසල් ලීටර් මිලියන 10.6ක් මෙසේ රැගෙනවිත් ඇති අතර චීන තානාපති කාර්යාලය සඳහන් කළේ එම ඩීසල් තොගයේ සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගොඩබෑම ආරම්භ කරන බවයි
ඒ අනුව මෙම ඩීසල් තොගය මෙරට පීඩාවට පත්ව සිටින ගොවි සහ ධීවර ජනතාව වෙනුවෙන් බෙදා දීමට නියමිත බව වාර්තා වේ.