ශ්‍රී ලංකාව විසින් චීනයේ සයිනොපෙක් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුමට අදාළ පළමු ඉන්ධන තොගය අගෝස්තු මස මුල් සතියේ දී මෙරටට ළඟාවනු ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසා තිබේ.
ඒ මහතා සදහන් කර ඇත්තේ රට ඉන්ධන සැපයීමේ තරඟකාරීත්වයක් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවත් සියලු සමාගම් වලට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සූත්‍රය භාවිතා කොට ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඉදිරි කාලයේදී පියවර ගන්නා බවත් සඳහන් කර තිබේ.
ඉදිරියේ දී QR කේතය පිළිබඳවද තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍ය වරයා ප්‍රකාශ කර තිබේ.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (23) ජනාධිපති මාද්‍ය අංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.