මේ වන විට රට තුළ විශාල වශයෙන් කතාබහට ලක්වන චීන කාබනික පොහොර තොගය ප්රතික්ෂේප කිරිමට අදාළ රසායනාගාර පරීක්ෂණ ක්රියාවලිය නිසි අයුරින් සිදුකළ බවට ජාතික ශාක නිරෝධායන සේවය සඳහන් කර ඇත.
අදාළ චීන සමාගම විසින් ජාතික ශාක නිරෝධායන සේවයෙන් ඩොලර් මිලියන අටක වන්දියක් ඉල්ලමින් නිකුත් කරන ලද එන්තරවාසිය පිළිබඳව අදහස් දක්වමින් එහි අතිරේක අධ්යක්ෂ අචාර්ය තුෂාර වික්රමාරච්චි මේ පිළිබඳව සඳහන් කර ඇත.
එමෙන් ම චීන පොහොර සමාගම විසින් වන්දි ඉල්ලා එවන ලද එන්තර වාසිය මේ වන තෙක් නිල වශයෙන් ලැබී නොමැති බවයි ශාක නිරෝධායන සේවය සඳහන් කරන්නේ.
අදාළ එන්තරවාසිය නොලැබුණහොත් ඊට අදාළ ඉදිරි පියවර ගැනීමට ද සූදානම් බවයි ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්යක්ෂ අචාර්ය තුෂාර වික්රමාරච්චි සඳහන් කළේ.