ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක් චීන පොහොර සමාගමට ගෙවීමට රජය තීරණය කරයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුකූලවන සේ එම පොහොර තොගය ප්රතිනිෂ්පාදනය කරන ලෙසද දැනුම් දී ඇත.
අදාළ චීන සමාගම වෙත නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව මෙලෙස ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට රජය තීරණය කර ඇත.
චීනයෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ කාබනික පොහොර සාම්පලවල තිබී අහිතකර ක්ෂුද්රජීවීන් අවස්ථා දෙකකදී ම හමුවීමත් සමග එම පොහොර ගෙන්වීම රජය විසින් නතර කිරීමට පියවර ගැණුනි.