චීන පොහොර රැගත් නෞකාව අයත් සමාගම විසින් නිකුත් කර ඇති එන්තරවාසිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමට නියමිතව ඇත.
පසුගිය දා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්යක්ෂවරයා වෙත අදාළ සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 08ක වන්දියක් ඉල්ලමින් එන්තරවාසියක් යොමුකර තිබුණි.
අදාළ එන්තරවාසිය ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්යක්ෂවරයා වෙත පසුගිය 09 වනදා ලැබුණු අතර මේ සම්බන්ධයෙන් ඉදිරි ක්රියාමාර්ග ගැනීමට එම එන්නතරවාසිය නීතිපතිවරයා වෙත යොමු කර ඇත.
ජාතික ශාක නිරෝධායන සේවය විසින් කරන ලද පරීක්ෂණයකට අනුව අදාළ පොහොර තොගයේ අහිතකර බැක්ටීරියාවන් අඩංගු බවට තහවුරු වී ඇති අතර ඒ හේතුවෙන් එම පොහොර තොගය රජය විසින් භාර ගැනීම ප්රතික්ෂේප කර ඇත.
කෙසේ නමුත් අදාළ පොහොර තොගය රැගත් නෞකාව මේ වන විටත් ශ්රී ලංකා මුහුදු සීමාව තුළ නැංගුරම්ලා ඇති බවට වාර්තා වේ.