චීවරධාරියාගේ ප්‍රහාරය

චීවරධාරියෙකු විසින් එල්ලකළ පිහි ප්‍රහාරයකින් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු බරපතළ තුවාල ලබා දෙනියාය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

වාර්තා වන ආකාරයට මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙනියාය පොලීසියට අනුයුක්තව සේවය කළ 37 හැවිරිදි වියේ පසුවූ විවාහක පොලිස් කොස්තාපල්වරයෙක් වන අතර සැකකාර චීවරධාරියාගේ සොහොයුරිය සමග තුවාල ලබා ඇති පොලිස් නිලධාරියා සම්බන්ධතාවයක් පවත්වා ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

අද දිනයේ එම නිලධාරියා අදාළ තරුණිය හමුවීමට ඇයගේ නිවසට ගොස් ඇති අවස්ථාවේ චීවරධාරියා ලබාදුන් ඇමතුමකට අනුව පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසය අසළට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී සිදුවූ බහින් බස් වීමකින් අනතුරුව චීවරධාරියා සිය ගමන් මල්ලේ සඟවාගෙන පැමිණි පිහියකින් පොලිස් නිලධාරියාගේ ගෙළ ප්‍රදේශයට පහරදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් 18 හැවිරිදි වියේ පසුවන සැකකාර චීවරධාරියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් දෙනියාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Exit mobile version