පසු ගිය 9 වැනිදා ගාලු මුවදොර පිටියට පහර දීම නිසා රට පුරා ඇති වූ ප්රචණ්ඩ ක්‍රියාවලට වග කිව යුතු ජේෂ්ට පොලිස් නිලධාරියෙකු ශ්‍රී ලංකාවෙන් පැන යාමට සැලසුම් සකස් කරමින් තිබෙන බව වාර්තා වෙයි.
කෙසේ වුවත් එම නිලධාරියට ගුවන් තොටුපලින් පිට වීමට නොහැකි අතර ගුවන් ගමන් තහනමක් ද පනවා තිබේ. කෙසේ හෝ ඔහුව මෙරටින් පිටත් කිරීම සදහා රජයේ ආරක්ෂක අංශ ප්‍රධානින් කිහිපදෙනෙකු කටයුතු කරමින් තිබෙන බවද ශ්‍රී රාවණා ලංකා පුවත් සේවයේ අභ්‍යන්තර වාර්තාකරුවෙකු තොරතුරු වාර්තාකරන ලදී. කෙසේ නමුත් එය මෙතෙක් තහවුරු කර ගැනීමට අප අපොහොසත් විය.
මෙම සිද්ධියට අදාල නඩුව නැවත හෙට දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවීමට නියමිතව තිබෙන අතර පෙර දිනයේ නියෝග හා සැසදීමෙිදී හෙට දිනයේ යමි විශේෂ නියෝග නිකුත් කිරීමද බොහෝ විට ඉඩ තිබේ
එහිදී ඔහුව අත් අඩංගුවට ගැනීම සදහා එල්ලවෙමින් තිබෙන බලපෑම් අඩුකරගැනීමේ සැලසුමක් ලෙසද එම නිවාඩු ගැනීම සිදුකර තිබේ. එසේම නීතිපති විසින් නියෝග කර තිබෙන අත් අඩංගුවට ගැනීමේ මෙන්ම ස්ථානමාරු කරන ලෙස කර තිබෙන බලපෑම්ද අඩු කරගැනීම ද එහි තවත් අරමුණක් විය හැකිය. බලපෑම් අඩු වුවහොත් ඔහු දින 14කින් නැවත පුරුදු රාජකාරයටම පැමිණෙනු ඇත.
එසේම නීතිපති විසින් අත් අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිට නියෝග කර තිබෙන DIG වරු දෙදෙනෙක් සිටි. ඒ කවුරුත් දන්නා ඌරු මස් DIG සහ SF ලොක්කා ඝාතනය කිරීම පිලිබදව සැකයකට භාජනය වී තිබෙන DIG වරයෙකි. ඌරු මස් DIG පහර දී තිබෙන්නේ පොලිස් පරික්ෂකවරයෙකුටය.
අපට ලියන්නට තිබෙන්නේ නීතිපතිගේ නියෝග ක්‍රියාත්මක කිරීමට තරම්වත් පොලිස්පතිට තිබෙන නොහැකියාව කුමක්ද යන්නයි. ඔහුට එතරම්ම බලපෑම් තිබෙන්නේ නම් කුමටද මෙරටට ශ්‍රී ලංකා පොලිසියක්.