2023 පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රමාණවත් පරිදි මුදල් නිකුත් නොකිරීම හේතුවෙන් මේ වනවිටත් තැපැල් ඡන්දය කල්දමා තිබීම සහ මාර්තු 09 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයද නියමිත දිනට පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාද ඝෘජුවම වගකිවයුතු බවත්, එම වරද වහාම නිවැරදි කිරීමට කටයුතු නොකළහොත් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්, ඔහුට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ පෙනී සිටීමටත් පියවර ගන්නා බව දැනුම් දෙමින් නිදහස් ජනතා සන්ධානය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත ලිපියක් යොමුකර ඇත.
නිදහස් ජනතා සන්ධානය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල මහතාගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති මෙම ලිපියට, නිදහස් ජනතා සන්ධානයේ සන්ධානගත පක්ෂ වෙනුවෙන් නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස්, නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම, උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර, ජනජය පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා, නිදහස් ජනතා පෙරමුණේ නායක ආචාර්ය නාලක ගොඩහේවා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් අසංක නවරත්න සහ උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම් ජී.වීරසිංහ යන මහත්වරුද අත්සන් තබා ඇත.