ඡන්දයට  මුල්‍ය වියදම් නොදෙන්නේ නම් මැතිවරණ කොමිසමේ ක්‍රියාමාර්ගය.

මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරන්නේ පළාත් පාලන ඡන්ද පැවැත්වීමට අවශ්‍ය මූලික වියදම් වෙනුවෙන්  මුදල් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීමට නිවැරදි  ප්‍රතිචාර නොදක්වන්නේ නම්  ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වන බවයි.

මැතිවරණයේ මූලික වියදම් සදහා මිලියන 770 ක මුදලක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමේ ජී. පුංචිහේවා මහතා විසින් භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති බව සදහන් කර තිබේ.

එම මුදල් ඉල්ලා ඇත්තේ  පොලිස්, තැපැල්, මුද්‍රණ, දෙපාර්තමේන්තුවලට හා මුලික කටයුතු සිදුකරන ආයතන සදහා අත්තිකාරම් ලෙස ලබා  දීමට බව කොමිසමේ ජී. පුංචිහේවා මහතා පවසා ඇති බවත් මේ දක්වා භාණ්ඩාගාර ලේකම්වරයා මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වා නැති බවත් සදහන් කොට තිබේ.

වැඩි දුරටත් කරුණු දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා පවසා ඇත්තේ මෙම මස   9 වනදා අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වන බවයි.

Exit mobile version