ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් පාරට බහින්න සූදානම් – තිස්ස අත්තනායක .
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් තැපැල් ඡන්ද කල් යාම පිළිබදව අදහස් සදහන් කලේ ජනතාවගේ ඡන්ද අයිතිය දිනා දීම වෙනුවෙන් පාරට බැසීමට සුදානම් බවයි.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ තැපැල් ඡන්ද කල් දැමීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවත් , මැතිවරණය ප්‍රකාශ කර තිබියදීත් ඡන්ද පත්‍රිකා ලබා දීමට ප්‍රමාද කිරීම සහ භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දීම ප්‍රමාද කිරීම හරහා සිදු වන්නේ මේ රටේ මහජනතාවගේ මූලික අයිතිවාසිකම් වන ඡන්ද අයිතියට අවස්ථාවක් නොදීම බවත් එය බරපතළ වරදක් බවත්ය.
එමෙන්ම ඕනෑම වේලාවක මැතිවරණ දෙපාර්තමේන්තුව වැඩ කරනු ලබන්නේ ඊට අදාළ සේවා සපයන ආයතන මගින් පසුව ගෙවීමේ ක්‍රමය මත බවත් මෙතෙක් මෙරටේ මැතිවරණයට පෙර මුදල් ගෙවීමේ ක්‍රමයක් නොතිබූ බවත් ලංකාවේ ප්‍රථම වතාවට මෙසේ මැතිවරණයට පෙර මුදල් ගෙවීම සිදු කරන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
ව්‍යවස්ථාව බිද දැමීමට ආණ්ඩුව අනුබල දීමට එරෙහිව ශේෂ්ඨාධිකරණයට යාමට බලාපොරොත්තු වන බවත් ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් පාරට බහින්න සූදානම් බවත් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරන ලදී.