ඡන්දය දෙන්න අල්ලස් ගත් ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා අල්ලස් දුන් බස්නායක නිලමේ වරුන්ට වැඩ වරදී.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට සම්බන්ධ කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණය  2023 ජනවාරි මස 13 වන දින හෝ ඊට ආසන්න දිනයක සිදුකර ඇත. එම නිලවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් විසින් ඡන්ද දායකයන් හට අල්ලස් ලෙස මුදල් ලබාදී ඇති බවට විශ්වාසවන්ත ලෙස හා පිළිගත හැකි පරිදි  අප වෙත තොරතුරු ලැබී ඇත. මේ සම්බන්ධව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවට, ජනාධිපති, අගමැති, විපක්ෂ නායක සහ ජාතික ජනබලවේගයේ නායක යන ස්ථානයන්ට  හා පුද්ගලයන් හට පැමිණිලි රාශියක් සිදුකොට ඇති බවට අපට තොරතුරු ලැබී ඇත.

එම පැමිණිලි වල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ඔහුනට විරුද්ධව විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

අපට වාර්තාවන ආකාරයට මෙම අල්ලස් ලබා ගැනීමේ ප්‍රධානතම මෙහෙයුම් කරුවන් දෙදෙනා වනුයේ  යටිනුවර ප්‍රාදේශීය ලේකම් මංගල වික්‍රමාරච්චි හා ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ සංගමයේ සභාපති, හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් හේමන්ත කුමාර වේ. ඔහුන් දෙදෙනාට මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට මහනුවර ප්‍රාදේශීය ලේකම් සම්පත් ජයසිංහ, උඩුනුවර ප්‍රාදේශීය ලේකම් ප්‍රදීප් සුමනසේකර, හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් මොහාන් ධර්මදාස සහ පන්නිල ප්‍රාදේශීය ලේකම් සේනාධීර යන රාජ්‍ය නිලධාරීන් නොමද සහයක් ලබාදෙන බව වාර්තාවේ.

ඊට අදාළ විමර්ශනවල සාක්ෂි සටහන් කර ගැනීම සඳහා දියවඩන නිලමේ ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම බස්නායක නිලමේවරුන් සදහා නොතීසි යවා තිබේ.

එමෙන්ම මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නා හිමි, මල්වත්තේ මහානායක හිමි හා කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි යන ස්වාමින් වහන්සේලා විහාරාධිපති ධූරයන් දැරූ විහාරස්තානයන්හි විහාරාධීපති තනතුරුවලින් ඉවත්වී (විවිධ දේශපාලන බලපෑම් මත)  තිබේ. ඒ වෙනුවට පත් කරන ලද ගිහි භාරකරුවන් ද ගෙන්වා සාක්ෂි විමසා විමර්ශනයක් සිදුකිරීමට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් නොතීසි යවා ඇත.

මේ සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීම සදහා ජනාධිපති තුමාගේ විශේෂ නියෝගය පරිදි 5 දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කොට ඇති අතර  ඒ පිළිබඳව කරුණු හා සාක්ෂි විභාග කිරීම සදහා 2023 මැයි මස 15 වන දින මහනුවර සියලුම ප්‍රාදේශීය ලේකම් වරුන්ගෙන් හා අදාළ පැමිණිලි කරුවන්ගෙන් සාක්ෂි විමසීමට පැමිණෙන බවට දුරකථනය මගින් දැනුවත් කොට තිබේ.

Exit mobile version