පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් තැබීමත් සමග රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් තැපැල් ඡන්ද පත්‍රිකා දින පහක් ඇතුළත ද , අනෙක් ඡන්ද පත්‍රිකා දින 20 -25 ක් අතර ද මුද්‍රණය කොට මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ මේ ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කරමින් අංක 2322/28 සිට 2322/52 දක්වා 2023.03.08 වන විට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කර අති බවය.
මැතිවරණ කොමිසමේ මාධ්‍ය නිවේදනයේ සදහන් වන අන්දමට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේදී රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් කරන ලද ඉල්ලීම අනුව අවශ්‍ය පොලිස් නිලධාරීන් සංඛ්‍යාව හා අවශ්‍ය දින පිළිබදව තොරතුරු පොලිස්පතිවරයා වෙත යොමු කරන ලෙස හා ඒ අනුව අවශ්‍ය ආරක්ෂාව ලබා දිය හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මැතිවරණ කොමිසමට දන්වා තිබේ.
එලෙසම ඡන්ද විමසීම සදහා අවශ්‍ය ඉන්ධන ලබා දීම සම්බන්ධ තීරණය , විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් විසින් ඉදිරි දින කිහිපය තුළ දී ලබා දීමට ද එකග වී ඇත.