මිනිසුන් නිරන්තරයෙන්ම වැඩකළ යුත්තේ වගකීම් සහිතවය. කුඩාකල සිටම දරුන් පුරුදු කල යුත්තේ වගකීම් සහිතව ජීවත් වීමට හුරු කිරීමය. ලෝකයේ සියලුම දියුණු රටවල් වල මිනිසුන් ජීවත් වන්නේ වගකීම් සහිතවය.
නිසි ඉගැන්වීමක් නොමැති වූ විට බොහෝ දෙනකුගෙන් උරුම වන්නේ වගකීම් විරහිතභාවය පමණි. නිසි ඉගැන්වීමක් නොමැති වුවත් ආගමික ඉඅගන්වීම් තුලින් හෝ වගකීමක් ඇතිව ජීවත් වීම උගත යුතුය. ඔබ ඔබේම නැවක් නියමුවෙකු ලෙස යාත්‍රා කිරීමට අපොහොසත් වුවහොත්, ඔබ සොයාගන්නේ නුසුදුසු නැවතුමකි. වගකීම් විරහිතභාවය යනු රස්තියාදුකාර, නිකන් සිට කෑමට බලා සිටිනා අනෙකුන්ගේ ජීවිත සහ තමන්ට වැටුප් ගෙවනා ආයතන පවා තුට්ටු දෙකකටවත් ගණන් නොගන්නා කොටසකි.
කෙසේ වෙතත් පුද්ගලික වගකීමක් ඇති විට, අපි අපගේ ජීවිත පාලනය කරන අතර අපගේ ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාක සමඟ අපි ජීවත් වෙමු. අපි සාර්ථකත්වය සහ අසාර්ථකත්වය අත්විඳින අතර, ක්‍රියාවලිය තුළ ඉගෙන ගන්නෙමු. අපේ ජීවිත අපේමයි. අපට පුද්ගලික වගකීමක් නොමැති විට, අපි අන් අය මත යැපෙන්නෙමු, එය එක් අතකින් කෝපයට හා කලකිරීමට හේතු විය හැක – නැතහොත් අනෙක් පැත්තෙන් ඉගෙන ගත් අසරණකම සහ උදාසීනත්වය වේ. අප අත්විඳින සාර්ථකත්වයන් හෝ අසාර්ථකත්වයන් වෙනත් කෙනෙකුගේ ක්‍රියාවක ප්රතිඵලයකි. අපි ඉගෙන ගන්නේ අල්ප වශයෙනි, අපගේ ජීවිතය අපට අයිති නැත.
සැබෑ ලෝකයේ, පුද්ගලික වගකීම භාර ගැනීම දරුවෙකුගේ සිට වැඩිහිටියෙකු දක්වා පරිණත වීමේ කොටසකි. නමුත් මෙම ස්වාභාවික සංසිද්ධිය ආබාධිත ලෝකය තුළ හිස ඔසවයි, ආබාධ සහිත පුද්ගලයින්ට, ඔවුන්ගේ පවුල්වලට සහ අපගේ සමාජයටද අවාසිදායක වේ.
ශ්‍රී ලංකාවේ නම් බොහෝ තරුණ ජීවිත මානසික ආබාධ ඇත්තෝය. වගකීම් දරමින්, ආයතනද ආරක්ෂා කරගනිමින්, තමන්ගේ ජීවිත හෝ ආරක්ෂා කරගැනීමට ඔවුන්ට කිසිදු හැගීමක් නැත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට අවශ්‍ය කාමය සහ සතුට පමණි. කාමය තුලින් සතුට සෙවිය නොහැකි අතර එය තාවකාලිව සතුටක් වන අතර ඉන් තම සමස්ත අනාගතයම විනාශයට පත් වේ. ඉන් ඔබ ගණිකාවක් හෝ ගණිකාවන් පසුපස යන පිරිමියෙකු බවට පත් වේ. වගකීම් විරහිත ජීවිතයක් පුරුදු පුහුණු කරන ඔබ අනාගතයේ සමාජය පිළිකුල් කරනා කාන්තාවක් බවට පත්වේ.
එබැවින් සැබෑ ජීවිතයක් ලබන්නන්ට නම් ඉවසීම පුරුදුකරමින් වගකීම් සහ යුතුකම් වලට පයින් නොගසා ඒවා ආරක්ෂා කිරීමට කටයුතු කල යුතුය. එවිට ඔබට සැබෑම ජීවිතයක් උරුම වනු ඇත. මරණ මංචකය දක්වාම ඔබ සතුටින් ජීවත් වනු ඇත. “වගකීමක් නැද්ද? එහෙනම් ඔයාටත් රියල් ලයිෆ් එකක් නෑ” කියලා හොදටම මතක තියාගන්න.
දිනපතාම ඔබට මගෙන් විද්‍යානුකූලව සකසනු ලබන මෙවැනි උපදෙසක් මුහුණු පොතෙන් සහ www.ravanalankanews.lk වෙබ් අඩවියෙන් සෑම උදෑසනම කියවිය හැකිය.
ශ්‍රී නිශ්ශංක මායාදුන්න