ජංගල් බීච් ඛේදවාචකය

හබරාදූව පොලිස් වසමේ ජංගල් බීච් වෙරළ තීරයේ ගලක් මත හිඳගෙන සිටි පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු රළ පහරට ගසා ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන් විසින් ගසාගෙන යමින් සිටි ගැහැනු ළමයා බේරාගෙන ඇති අතර පිරිමි ළමයා මේ වනවිට අතුරුදන් වී ඇති බව වාර්තා වේ.

ඊයේ (18) එම සිදුවීම වාර්තා වූ බවට පොලීසිය පවසයි.

අතුරුදන්වූ ළමයා වලහන්දූව ප්‍රදේශයේ පදිංචිව සිට 17 හැවිරිදි අයෙකි.

Exit mobile version