ජක්දීප් දන්කර් ඉන්දීය නව උප ජනාධිපතිවරයා ලෙස පත්වේ.

ජක්දීප් දන්කර් ඉන්දියාවේ නව උප ජනාධිපතිවරයා වශයෙන් තේරි පත්වී ඇති බව වාර්තා වේ.

මොහු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන ලද සන්ධානයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්ව තිබූ අතර කොංග්‍රස් පක්ෂ අපේක්ෂකයා ලෙස තරඟ වැදුනේ මාග්‍රට් අල්වායි.

ඉන්දීය උප ජනාධිපති ධූරය සඳහා සාමාන්‍යයෙන් තෝරාපත් කරගැනීම සිදු කරන්නේ ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ බහුතර කැමැත්තෙන් බව සඳහන් වේ.

Exit mobile version