ජනගහන වර්ධනය හේතුවෙන් නගර දැඩි උණුසුමට ලක්ව සෞඛ්‍ය ගැටලු ඉහළ යාමේ අවදානමක්

විද්‍යාඥයින් විසින් පෙන්වා දෙන්නේ මේ වන විට දක්නට ලැබෙන ලෝක ජනගහනයේ ශීඝ්‍ර වර්ධනය සහ ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් නගරබද ප්‍රදේශ දැඩි උණුසුමකට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් සෞඛ්‍යමය ගැටලු ඉහළ ගොස් ඇති බවයි.

අමෙරිකානු ජාතික විද්‍යා ඇකඩමිය විසින් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම මේ වන විට ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට පමණ බලපා ඇති බවයි. පසුගිය දශක කිහිපයක සිටම ග්‍රාමීය ප්‍රදේශවල සිටි මිලියන සංඛ්‍යාත ජනතාව නාගරික ප්‍රදේශ වලට සංක්‍රමණය වී ඇති අතර එනිසා තව තවත් හරිත ස්වභාවය අඩු නගර තුළ පවත්නා උණුසුම අඛණ්ඩව ඉහළ යමින් පවතින බවයි 1983 සිට 2016 වසර දක්වා ලොව පුරා පවතින නගර13,000ක දත්ත විශ්ලේෂණය කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ.

Exit mobile version