ජනතාවට බඩේ පහරක් ,නැවත විදුලි බිල වැඩිකිරීමේ සුදානමක්

ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 15 වනදා සිට විදුලිබිල සදහා සමාජ ආරක්ෂක බද්ධ ලෙස රුපියල් 2.56ක මුදලක් එකතු කර ඇති බවයි.

ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව විදුලිබිල යළි 30% කින් ඉහළ දැමීමේ සුදානමක් පවතී.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රන්ජන් ජයලාල් මහතා මේ පිලිබදව ප්‍රකාශ කර ඇති අතර වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා සදහන් කර ඇත්තේ පසුගිය 15 වෙනිදා සිට 2.56% ක සමාජ ආරක්ෂණ බද්දක් වැඩිකර ඇති අතර එය විදුලිබිලට ඇතුලත් කර ඇති පසුබිමක IMF එකෙන් යෝජනා කරනවා යැයි පවසමින් නැවත වතාවක් විදුලිබිල වැඩිකිරීමට සුදානම් වන බවයි.එසේම ආණ්ඩුව ජනතාවගේ බඩගින්නට වග නොකියන බවත් එතුමා අවධාරණය කර සිටියි.

Exit mobile version