ජනතාවට සහනයක් නොමැති මිල සහනය.

ඊයේ( 05 )මධ්‍යම රාත්‍රියේ සිට ඔටෝ ඩිසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කිරීමට කටයුතු කරන ලදී.

ඒ අනුව නව මිල රුපියල් 420 ක් ලෙස සටහන් වුවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවයි.

මෙයට හේතුව වශයෙන් බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න  පවසන්නේ අඩුකළ ඉන්ධන මිල බස් ගාස්තු මිල අඩු  කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි.

මිට අමතරව ඊයේ( 5 )මධ්‍යම රාත්‍රියේ සිට  කිලෝග්‍රෑම් 5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 100 ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 1850 ක් ලෙස සටහන් විය. කිලෝග්‍රෑම් 2.3 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 45කින් ඉහල දමාඇති අතර එහි නව මිල රුපියල් 860 වේ,තවද කිලෝග්‍රෑම් 12.5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 4610 ක් වශයෙන් සටහන් වේ.

කෙසේ නමුත් ජනතාවගේ දුක් අඳෝනාව මේ මිල ඉහළ දැමීමත් සමග තවත් වැඩි විය.ජනතාවට මෙම මිල ඉහළ දැමීම දරාගත නොහැකි බව ජනතාව සඳහන් කරයි.පැමිණෙමින් ඇති උත්සව සමයේදී ජනතාවට අත්‍යවශ්‍ය වන මෙවැනි භාණ්ඩ මෙසේ ඉහළ දැමීම තුළින් ජනතාව අති මහත් දුෂ්කරතා රැසකට මුහුණ දෙනු ඇත.

Exit mobile version