ජනතාව අදුරේ තබා අධි වැටුප් ලබන විදුලි බල මණ්ඩලයෙන් පාරිභෝගිකයන්ට දැනුම්දීමක්.


ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින්, විදුලි පාරිභෝගිකයන්ට සිය විදුලි බිල්පත් ගෙවිමට ක්‍රමවේද රැසක් හදුන්වා දි තිබෙන බව සඳහන් කරයි.

ඒ අනුව, CEBCare මොබයිල් ඇප්එක මඟින්, ඔන්ලයින් බැංකු සේවා මඟින්, ලංවිම වෙබ් අඩවිය ඔස්සේ, ඕනෑම ශ්‍රී ලංකා තැපැල් කාර්යාලයක් මඟින්, ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර මඟින්, කාගීල්ස්, කීල්ස් ආදී සුපිරි වෙළෙඳසැල‍ෙවලින් මෙන්ම mCash මඟින් ද විදුලි බිලපත් ගෙවීමේ පහසුකම පාරිභෝගිකයින්ට ලබාගත හැකිය.

එමෙන්ම විදුලි බිල්පත් සම්බන්ධයෙන් පැනනැගෙන ගැටලු පිළිබඳව ලංවිම ඇමතුම් මධ්‍යස්ථාන අංකය වන 1987 වෙත යොමු කරන ලෙස ද ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින් වෙත වැඩි දුරටත් දන්වා සිටි.

Exit mobile version