අද (17) ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්චාවේදී මාධ්‍යවේදියෙකු වන අසංග අතපත්තු ප්‍රශ්නයක් අසමින් ජනතා විරෝධය මැද මෙරටින් පලා ගිය ගෝඨාභය රාජපක්ෂට වාහන 19 ක් සමග මාසිකව රුපියල් නවලක්ෂ පනස් දහදසක් ලබා දෙන බව අනාවරණය කරන ලදී.
අසංග අතපත්තු මහතා ප්‍රශ්න කරමින් රාජ්‍ය සේවකයන් ට වැටුප් වත් ගෙවීමට නොහැකිව තිබියදී මෙවැනි වියදමක් දැරීම ප්‍රශ්න කරන ලදී. එයට පිළිතුරු දුන් බන්ධුල ගුණවර්ධන මහතා සදහන් කලේ රටේ අනෙකුත් වියදම් දෙස බැලීමේදී මෙය පුංචි වියදමක් බවය.
එය ඉතාම සරලව ගෙන සැහැල්ලුවෙන් පිළිතුරු ලබා දුන් ඔහු ඔහුට ලබා දී තිබෙන එම වියදම් පිලිබදව පිළිතුරු ලබා දීමෙන් වැලකි සිටියේය. ඉන් පෙන්නුම් කරන්නේ ලක්ෂ 9.5 ක් මෙන්ම වාහන 19 ක් ද සමග යන ලක්ෂ ගණනාවක වියදම තනි පුද්ගලයෙකුට නොහොත් මෙරටින් ප්‍රතික්ෂේප වූ නායකයෙකුට දීම සරල දෙයක් බවය.