මහ වැසි මැද පන්ති කාමරයක් තුළ කුඩ ඉහලාගෙන විභාගයක් සඳහා පෙනී සිටින සිසු සිසුවියන්ගේ පාසල ගම්පහ තක්ෂිලා මහා විද්‍යාලය බවට අනාවරණය කර ගැනීමට මව් බිම පුවත්පත සමත් වී තිබේ.
ඊයේ මෙන්ම අදද සමාජ මාධ්‍ය මෙන්ම වට්ස් අප් සමූහයන් තුල මේ පිලිබදව කණගාටුවෙන් තවමත් කතා කරන අතර මානව හිමිකම් කොමිෂමද ඊයේ මේ පිලිබදව සොයාබැලීමට කටයුතු කර තිබුණි. වාර්තා වල සදහන් වුයේ මෙසේ අසරණ තත්වයට පත් වුයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් බවයි.
මේ පිලිබදව විමර්ශන වාර්ථාවක් කැදවීමටද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට ඊයේ (මැයි 31) උපදෙස් ලබා දී තිබේ.