මේ දිනවල ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රධානතම ගැටළු අතර ඉන්ධන නොමැතිවීම මෙන්ම අසීමිත ලෙස ඉහල යාමද එකකි. අවශ්‍ය තරම් ඉන්ධන සැපයුම් කිරීමට නොහැකිව සිටින සියලු අතින්ම අසමත් “ සිපෙට්කෝ” ආයතනය පසු ගිය කාලය තුල වරින් වර තීරණ ගත්තේ කිසිදු ප්‍රයෝගික දැනුමක් නොමැතිව බව පැහැදිලිවම දක්නට තිබුණු අතර වරින් වර විවිධ සීමාවන් පනවමින් ජනතාව රූකඩ සේ පාලනය කිරීමට ඔවුන් සමත් විය. එසේ ජනතාව පාලනය කිරීමට සමත් වූ ඔවුන්ගේ ක්‍රියාවලිය නිසා රාජ්‍ය පරිපාලනයේ බිඳ වැටීම් ගනනාවක්ද සිදු විය.
වරින් වර රාත්‍රී 12.00 ට සපයන පුවත් දැන් ජනතාව උපහාසයට මෙන්ම අපහාසයට ගෙන තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට “ සිපෙට්කෝ” ඉන්ධනද ඉහල යන පණිවිඩය අපට ලැබුනේ රාත්‍රී 11.00 ට පමණය. නව කැබිනට් මණ්ඩලයක් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ද පත් කරනු ලැබුවේ තිබෙන ගැටළු වලින් ජනතාව මුදවා ගැනීමට බවද ඉතාම පැහැදිලිය. එහෙත් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී පැය 12 ක් ගතවන්නටත් පෙර “ සිපෙට්කෝ” ඉන්ධනද මිල වැඩි කිරීමෙන් ලබා දුන් පණිවිඩයට අද උදෑසන සිටම ජනතාව තව දුරටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලන අදිකාරියේ දෙමාපියනට ඉතාම ආදරෙන් මතක කරමින් සිටිති.
නමුත් සිදු විය යුත්තේ මෙසේ මිල වැඩි කිරීමක් නොවේ. ඉන්ධන මිල වැඩි කරමින් ගැලුම් සහ කෑන් වලට ඉන්ධන සැපයීමේ තහනම ඉවත් කෙරුනේ ජනතාව ගොනාට ඇන්දවීමට වුවත් ජනතාව තව දුරටත් ගොන්නු නොවන බව අද උදෑසන ඉන්ධන පෝලිම් වල සිටින ජනතාව ප්‍රකාශ කළේය. එය අදාළ වන්නේ “ සිපෙට්කෝ” බලධාරීන්ට පමණක් නොවේ. සමස්ත රාජ්‍ය සේවයටම අදාළ කරුණකි.
මේ ලෙස බලන විට අපට පෙනේනේ රාජ්‍ය පරිපාලන නිලදාරීන් මෙන්ම අධ්‍යක්ෂකවරුන් ඇතුළුව බලාධිකාරීන් තවමත් කටයුතු කරන්නේ ජනතාව පිඩා කිරීමට අවශ්‍ය කටයුතු කිරීම බවයි. නමුත් අමාත්‍යවරුන් හැර අදාළ බලධාරීන් ද ජනතා අධිකරණයේ චුදිතයන් බව නොදැන සිටීමෙන් ඉදිරියේදී ජනතාව පහර දෙනු ඇත්තේ මැති ඇමතිවරුන්ට නොව, රාජ්‍ය පරිපලනයට සම්බන්ධ නිලධාරීන්ට බව තේරුම් ගෙන වැඩ කිරීම දැන්වත් සිදු කල යුතුය. ජනතාව සිතන ආකාරය තේරුම් ගැනීමට කල් මැරීමෙන් අනතුරු සිදුවන දිනයන් වැඩි දුරක නොවේ. දැනටමත් එය ආරම්භ වී තිබෙන බැවින් ලහි ලහියේ කල යුත්තේ ජනතාව පීඩාවෙන් ගොඩට ගැනීමටයි.
සිරිනන්ද ගොඩකුඹුර.
කුරුණෑගල