“ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ගේ ගිණුම්වල මුදල් සෙවිය යුතුයි” – ජොන්ස්ටන්

අරගලයට සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියළුදෙනාගේ ගිණුම්වලට මුදල් බැරවූ ආකාරය පිළිබඳව වහා සොයා බැලිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මහමොළකරුවන් යැයි කියා ගන්නා පිරිසගේ ජාන වල ඇත්තේ.ක්‍රෝධය වෛරය ,ඊර්ෂ්‍යාව ගිනි තැබීම් හා ඝාතන සංස්කෘතික පමණක් බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.

මෙම ප්‍රකාශ කලපසු මගේ පියා හා මව මතක් කර තමාට බණින බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

මාතලේ 15වනදා පැවති උත්සවයකදී ඔහු ප්‍රකාශ කලේ,

“තරුණ පරම්පරාවක් නොමග යැවූ එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බවයි.ජනතා විමුක්ති පෙරමුණේ වෙනස්වී ඇත්තේ පක්ෂයේ නම හා ලාංජනය පමණක් බවයි.

අරගලයෙන් කෝටි ප්‍රකෝටිපතියන් වූ මේ අය තරුණ පරම්පරාව තුවක්කු සංස්කෘතියට හුරු කලා.ගිනි අවියට පපුව දෙන්නෙ තරුණයෝ.උසි ගන්නවන අය හැංගිලා හරි පාවලා දීලා හරි බේරෙනවා.

ඔවුන්ගේ ඩීල් හා දෙබිඩි පිලිවෙත දැන් දැන් හොදට තේරෙනවා 71 දී තරුණ ජීවිත 12000කට වඩා නැති කලා 78දී ජේ.ආර්ට උදව් කලා 87-89 තරුණ ජීවිත 60,000ක් රටට නැතිකලා.ජේආර්ට එරෙහිව ප්‍රේමදාසට උදව් කලා.ඊලගට චන්ද්‍රිකාට මහින්දට උදව් කලා.මේ ඔවුන්ගෙ ඩීල්.

පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියපු ලාල් කාන්ත සුනිල් හදුන්නෙත්ති අඩුම සුළු පැමිණිලි අංශයට කැදවලා නෑ.අනුරගේ බොරු කරලියට එනවා.ඩොලර් වලට යටවූ පිරිසක් රට විනාශ කරන්නේ.අපේ පොහොට්ටුව තියෙනකම් ෆැසිස්ට්වාදයට ඉඩක් නෑ.ජනතාවගේ ශක්තියෙන් අවුරුදු 15ක් 20ක් ඩීල් ගිනිතැබීමේ හා ඝාතන සංස්කෘතියක් ඇතිකල මේ අය ප්‍රාජය කරනවා.මම අහනවා පුලුවන්නම් රට හදන වැඩ පිළිවෙල ජනතා විමුක්ති පෙරමුණට කියන්න කියලා.”

Exit mobile version