ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදී ඇත්තේ ශ්‍රිලංකාවේ දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා ගෙන යන උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීම පිණිස පෞද්ගලික මෙන්ම රාජ්‍ය අංශයන්වල සාමාජිකයන් සම්බන්ධ කර ජාතික උපදේශක කමිටුවක් පිහිටුවා ගැනීම ඉතා වැදගත් බවත් එම කමිටුව අවම වශයෙන් මාස හයකට වරක් හෝ රැස්වී ප්‍රගතිය සමාලෝචනය කළයුතු බවත්ය.
ඊයේ (23) ජනාධිපති කාර්යාලයේ පැවති දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ ශ්‍රී ලංකාවේ මුලපිරීම්වල ප්‍රගතිය සමාලෝචන සාකච්ඡාවට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ.
මෙම අවස්ථාවට ක්ෂේත්රයේ ප්‍රවීණයන් සහ විශේෂඥයන් රැසක් සහභාගී වී සිට ඇති අතර ඉදිරි දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව රටක් ලෙස ක්‍රියාත්මක කළයුතු උපාය මාර්ගික වැඩපිළිවෙළ පිළිබඳව මෙම සාකච්චාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
ජනාධිපතිවරයා මෙහිදී දේශගුණික විපර්යාස නිසා ඇතිවන දේශීය මෙන්ම ගෝලීය අභියෝගයන්ට මුහුණදීමට හා ගෝලීය වශයෙන් එම අභියෝගය ජය ගැනීමේ දී ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවයක වැදගත්කම පෙන්වා දී තිබේ.