ජනපතිගෙන් ඵෙතිහාසික කතාවක්. ඉදිරි මැතිවරණ තරුණයන්ගේ මැතිවරණ විය යුතුය. සැබෑ නායකයන්ගේ දර්ශන  පිලිඹිඹුවන කතාවක්.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පලා යාමත් සමග පාර්ලිමේන්තුවේ බහුතරයෙන් ජනාධිපති ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා අද (03) උදෑසන 10.30 ට පමණ තම රාජාසන කතාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඒ පාර්ලිමේන්තුව වාර අවසාන කල පසු නව සැසිය ආරම්භ කිරීමත් සමගය.

බොහෝ ජනාධිපතිවරු තම කතාවලදී තම පක්යේ සාමාජිකයන්ට මෙන්ම තම ජාතිය සහ ආගමික ප්‍රජාවට විශේෂ ස්තුතියක් කරමින් තම ප්‍රථම කතාවෙන්ම ජාතිවාදය මෙන්ම පක්ෂවාදය සහ ආගම් වාදය ආරම්භ කලද රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාව තුල ජාති, ආගම් මෙන්ම පක්ෂ ගැනද කතාවක් දක්නට නොතිබුණි. එහිදී අදහස් දක්වමින්,

“අද මම ඔබ අමතන්නේ සෑම ලංකිකයෙකු ගේම ජනාධිපති ලෙසයි. සංස්කෘතික ඇවතුම් පැවතුම් පවත්වාගෙන යාමට මෙන්ම භාෂාව භාවිතය සඳහා සැමට අයිති අයිතිය ජනාධිපතිවරයා ලෙස මම භාවිතා කරනවා. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස බුද්ධ ශාසනයට ප්‍රමුඛතාවය දීමටත් අනෙක් ආගම් ආරක්ෂා කිරීමටත් මම බැඳී සිටිනවා” ලෙස පවසමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියෙන්ම ආරම්භ කරමින් තම ඉදිරිදැක්ම ප්‍රකාශකල අතර එයින් පෙන්වා දුන්නේ සියලුම ආගමිකයන් වෙනුවෙන් තම කැපවීම ඉටුකරන බවයි.

එසේම පසුගිය කාලය පුරාවටම විචාරකයන් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවට නිසි මිත්‍රශීලී ප්‍රතිපත්තියක් නොමැති නිසා දැඩි ගැටලුවලට මුහුණ දිය හැකි බවයි. මේ වන විටත් සමහර රටවල් ශ්‍රී ලංකාවට විවිධ සම්බාධක පැනවීමට අවධානය යොමු කර තිබේ.

 “විදේශ ප්‍රතිපත්තියේ අස්ථාවර බව නිසා අපට බොහෝ ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්නට සිදුවුණා . අපට සතුරන් නැහැ.ඒ නිසාම නිසා මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තහවුරු කරනවා.” යයිද ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය පිලිබදව සදහන් කරන ලදී.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටි එකම මන්ත්‍රී වුයේද රනිල් වික්‍රමසිංහ මහතා වන අතර අරගලය හේතුවෙන් පැනගිය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමත් සමගම අග්‍රාමාත්‍යවරයා වුයේ රනිල් වික්‍රමසිංහ මහතාය. එයින්ම ඔහු ජනාධිපති ලෙසද පත්වන්නේ දැඩි ජනතා විරෝධතා අතරිනි. ඔහු අරගල බිම විශේෂ කොට මෙහිදී කතා කරන ලදී. වෙනත් කණ්ඩායමක් එළවීම සදහා පැවතී අරගලයෙන් ජනතා විරෝදතා මැද ඔහු ජනාධිපති ලෙස පත් වුවත් ජනතාව තුල ඔහුගැන දැඩි විශ්වාසයක් පැවතිනි. නමුත් ඔහු ජනාධිපති වූ දිනයේම ආරක්ෂක අංශ විසින්  අරගලයේ යෙදී සිටි ජනතාවට පහර දීමත් ජනතාව නැවතත් ඔහු ගැන අප්‍රසාධයෙන් බැලීමට විය.

අරගල බිමට පමණක් නොව රටේ ඉදිරි ගමන සඳහා තරුණ තරුණියන්ගේ දායකත්වය ලබාගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ අතර , ” ඉදිරි මැතිවරණ තරුණ පරපුරේ වාරය විය යුතු බවද ඒ සඳහා ඉඩකඩ සැකසෙන පරිදි අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය විය යුතුව තිබෙන බවද විශේෂන්ම පෙන්වා දෙන ලදී.

“ රටේ ජනාධිපති ජනතාවගෙන් ඉහළ වැජඹෙන රජ කෙනෙකු හෝ දෙවි කෙනෙකු බවට පත් විය යුතු නැහැ. ඒ ක්‍රමය වහාම වෙනස් විය යුතුයි. ඔහු වෙනම ලාංඡන පූජනීයත්වයට පත් කළ යුතු නැහැ. ඒ නිසා විසිදෙවැනි සංශෝධනය සම්මත කරගැනීමට කරගැනීමට අප බලාපොරොත්තු වෙනවා” ඔහු තව දුරටත් සදහන් කරන ලදී.

ආහාර හිඟයක් ඇති නොවීම සඳහා පියවර ගෙන තිබෙන බව,  කර්මාන්ත හා අපනයන අංශයන්ට එල්ල වී ඇවී ඇති බාධා ඉවත් කිරීමට පියවර ගන්නා බවද සදහන් කල ඒ මහතා  “යළි නැඟිටීම සඳහා ඉන්දියාව ලබාදුන් සහයෝගය ගැන ස්තුති කරන බවද යළි නැඟිටීමට ජීවන හුස්ම ලබාදුන් ඉන්දියාවට ස්තුතිය පල කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.

නැවත කිසි කිසිදිනක ආර්ථික කඩාවැටීමක් රටේ ඇති නොවන පරිදි ශක්තිමත් පදනමක් දැමිය ඒ සදහා ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකසන බවද සදහන් කරන ලදී.

අඛණ්ඩ ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන ගියහොත් 2048 වන විට පූර්ණ ආර්ථික සංවර්ධනය ලැබූ රටක් බවට පත් කරගන්නට හැකියාව ලැබෙන බවද, බැංකු පද්ධතිය හරහා ලංකාවට විදේශ මුදල් එවීම දිරිමත් කරන බවද ශක්තිමත් මධ්‍යම පන්තියක් නිර්මාණය කරන බවද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ප්‍රචණ්ඩත්වයට ඉඩ නොදෙන නමුත් සාමකාමී අරගලයට ගෞරව කරන බව ජනාධිපති , සාමකාමී අරගල කරුවන් වෙනුවෙන් විශේෂ කාර්යාංශයක් පිහිටුවන බව ද නීතියට පිටින් වැඩකිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

“ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීම සඳහා අවශ්‍ය වන සියලු පියවර ගන්නවා.ක්‍රමවේදයේ වෙනසක් අපේක්ෂා කළ අය ගාලු මුවදොරට පැමිණියා. මේ අරගලය අවිහිංසාවාදී හා නිර්මාණශීලී ලෙස පැවැත්වුණා. ඔවුන් කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් කළේ නැහැ.කුඩා දරුවන් පවා රැගෙන ඒමට මාපියන් බිය වුණේ නැහැ.

නමුත් පසුව අවිහිංසාවාදී බව යටපත්වී ප්‍රචණ්ඩත්වය ඉස්මතු වුණා. සමහරුන් ආදරය වෙනුවට ප්‍රචණ්ඩත්වය එන්නත් කළා. ත්‍රස්තවාදය කාන්දු කලා.මා ප්‍රචණ්ඩත්වයට හා ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නැහැ. නමුත් අවිහිංසාවාදය ට ඉඩ දෙනවා.” ලෙස සදහන් කරමින් තම කතාව ඉදිරිපත් කරන ලදී.

කෙසේවෙතත් එම කතාවේ අඩංගු පරිදිම වැඩකටයුතු සිදුවන්නේ නම් සියලුම කටයුතු ඉතාම ඉක්මනින් යතා තත්වයට පත්විය හැකිය. එසේ නොමැති වුවහොත් නැවතත් නැවත ගොඩනැගිය නොහැකි අරාජිකත්වයක් කරා ශ්‍රී ලංකාව ගමන්කරනු ඇත.

Exit mobile version