ජනපතිගේ ගෙට ගිනි තැබූ පුද්ගලයාට ඇප.

අරගල සමයේදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉංග්‍රීසි ගුරුවරුවරයා ඇප මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළණ ගමගේ මහතා අද (06) නියෝග කළ බව වාර්තා වේ.

රුපියල් ලක්‍ෂ 05ක් වටිනා ඇපකරුවකුගේ ශරීර ඇපයක් මත සැකකරු මුදාහැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියටට අදාළ පැමිණීල්ල යළි කැඳවන අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට අවවාද කර තිබේ.

මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ඉංග්‍රීසි ගුරුවරුවරයකු බව කියන ජේ. එම් විමලරත්න නැමැත්තෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත්  වු කරුණු සැළකිල්ලට ගැනිමින් සැකකරු ඇප මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළ බව වාර්තා වේ.

Exit mobile version