ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෙවන පදවිප්‍රාප්තිය අදට යෙදී ඇත.
2019 වර්ෂයේ නොවැම්බර් මස 16 වැනි දින පැවති ජනාධිතිවරණය ඔස්සේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ජනපති ගෝඨාභය රාජක්ෂ මහතා තේරී පත්වුණි.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු වශයෙන් තරඟ කර මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 52.25%ක ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරමින් වන අතර අනුරාධපුර ෙඵතිහාසික රුවන්වැලි සෑ රදුන් ඉදිරියේ දී ජනාධිපතිවරයා සිය ධූරය දිවුරුම් දෙන ලදී.
එතැන් පටන් මේ වන තෙක් සහ ඉදිරියටත් සෞභාග්‍යයේ දැක්ම පෙරටුකොට ගනිමින් එකම රටක් එක නිතියක් යන ප්‍රතිපත්තිය පෙරදැරි කරගනිමින් ලොවට වසංගතයක්ව පැවති සහ පවතින කොරෝනා උවදුර අභියෝගයක්ව ගෙන ඒ මධ්‍යයේ රටේ ආරක්ෂාව ,සාමය මෙන් ම ආර්ථික සහ සමාජයීය ස්ථායිතාව පවත්වා ගනිමින් පුරා දෙවසරක කාලයක් සිය පාලනය මනාව ගෙන ගොස් ඇත.