ජනපතිගේ පාර්ලිමේන්තු සැසිය විවෘතය සම්ප්‍රධායෙන් බැහැරව. 9 වැනි පාර්ලිමේන්තුවේ තෙවන සැසිය අද සිට ආරම්භ වෙයි.

අද උදෑසන 10.30 පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජාශන කතාව ඉදිරිපත්කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත්කිරීමට නියමිතව තිබේ.

අද උදෑසන 09.30 සිට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදුවන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීමෙන් අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තුවේ මහා ලේඛම් ධම්මික දසනායක යන මහත්වරුන් විසින් පාර්ලිමේන්තුවේ ප්‍රධාන පියගැටපෙළ අසලදී පිළිගැනීමට නියමිත අතර පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසලදී කොළඹ දේවි බාලිකා විධ්‍යාලයේ සිසුවියන් ජයමංගල ගාථා ගායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද කිරීමට නියමිතව තිබේ.

සම්ප්‍රධායට අනුව කතානායකවරයා විසින් ජනාධිපතිවරයා පිළිගන්නා අවස්ථාවේදී ත්‍රිවිධ හමුදාව විසින් ලබා දෙන ජනාධිපති උත්තමාචාරයක් පිරිනැමෙන අතර මෙවර එම උත්ත්මාචාරය පිරිනැමෙන අතර ජනාධිපති ධජය එසවීමක් සිදුනොකරයි. ඒ වෙනුවට ජාතික ධජය පමණක් එසවීම සිදුකරන අතර අචාර වෙඩිමුර මෙන්ම අශ්වාරෝහක පෙළපාලිද නොපැවැත්වේ. මෙම උත්සවය ඉතාම චාම් අකාරයෙන් පවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

සියලුම අමුත්තන්ගේ පැමිණීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදා උත්තමාචරයෙන්ද අනතුරුව චේත්‍රධාරී, නියෝජ්‍ය චේත්‍රධාරී ද කතානායකවරයා පෙරටුකරගෙන පාර්ලිමේන්තු මහා ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ධිරය වෙත කැදවාගෙන යනු ලබයි.

Exit mobile version