ගල්ඔය වම් ඉවුර ව්‍යාපාර ගොවි කමිටුව විසින්, හරිත ගොවිතැන ක්‍රියාත්මක කිරීම සඳහා ගොවි ජනතාව සමග එක්ව කටයුතු කිරීමට ජනපතිට ආරාධනා කර ඇත.
ජනාධිපතිවරයා සෘජුව ගොවි ජනතාව සමග සම්බන්ධ වී කටයුතු කළ යුතු බවත්, එතුළින් මෙරට කෘෂිකර්මාන්තය යළි ස්ථාපනය කළ හැකි බව ද එම කමිටුවේ සභාපති සී.එච්.කුමාර මහතා ප්‍රකාශ කර ඇත.
එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ පෙබරවාරි මස 15 වනදා වන විට ගොවි ජනතාවට සිදුව ඇති හානියට නිසි පිළිතුරක් නොලැබුණහොත් ඔවුන් පාරට බසින බවයි.