ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති සහ දේශගුණ යථාර්ථය ව්‍යාපෘතියේ නිර්මාතෘ සහ සභාපති ඇල් ගෝර් අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදී පැවැත්විණි.
මෙම අවස්ථාවට දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන සහ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ තානාපති හිමාලි අරුණතිලක ද සහභාගී වූ බව සදහන්.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව මෙම හමුව සිදු විය.