වර්ෂ 400කට වඩා ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන මහනුවර රජ වීදියේ පිහිටා ඇති ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
ඇහැළේපොළ වලව්ව බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී සිර මැදිරියක් වශයෙනුත් පසුකාලීනව රිමාන්ඩ් බන්ධනාගාරයක් වශයෙනුත් භාවිත කරන ලද ගොඩනැගිල්ලක් වන අතර එය මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සංවර්ධනය ආරම්භ කර ඇත.
ෙඵතිහාසික වටිනාකමකින් යුක්ත මෙම ගොඩනැගිල්ලේ සියලු ඉදිකිරීම් කටයුතු මුල් කාලවකවානුවේ පැවති වලව්වේ පෞරාණික සැලැස්මට හානියක් නොවන අයුරින් සිදුකර ඇත.
අද පෙරවරුවේ මෙම ස්ථානය නිරීක්ෂණ සඳහා පැමිණි ජනපති උපදෙස් ලබාදෙන ලද්දේ හැකි ඉක්මනින් ප්ර්රතිසංස්කරණ කටයුතු නිමා කරන ලෙස වන අතර මෙම අවස්ථාව සඳහා දියවඩන නිලමේ නිලංග දෑල මහතා ද එක්ව තිබුණි.