ඉන්දීය යුද හමුදා ප්‍රධානි ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන මහතා දින 05ක සංචාරයක් සඳහා ඊයේ (12) දිනයේ දිවයිනට පැමිණ ඇත්තේ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයෙනි.
ඉන්දීය යුද හමුදා ප්‍රධානීවරයා අද (13) දිනයේ දී ජනපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිතව ඇත.
ඒ අනුව අද පෙරවරු 11.30ට පමණ ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජනපති හමුවීමට නියමිත අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ ආරක්ෂක ප්‍රධානීන් පිරිසක් ද හමුවීමට නියමිතව ඇත.
හෙට (14) දිනයේ සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තුවේ 38 වන සංවත්සරය නිමිත්තේන් පැවැත්වෙන උත්සවයට ද ඔහු සහභාගී වීමට නියමිතව ඇති බව සඳහන් වේ.