ජනපති කාබනික පොහොර පරීක්ෂාවක

රජරට කාබනික පොහොර නිෂ්පාදන කටයුතු පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා අද (17) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණ ඇත.

එම කටයුතුවල සාර්ථකත්වය පිළිබඳව සොයා බැලීමට ද එහි දී ජනපති කටයුතු කර ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 33ක දී කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සිදු කිරීම ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාගේ උපදෙස්වලට අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබයි.

එම ස්ථානයන්ගෙන් අද දිනයේ ජනාධිපතිතුමන්ගේ නිරීක්ෂණයට යොමු වූයේ විලච්චිය ඔයාමඩුව කාබනික පොහොර නිෂ්පාදනාගාරයයි.

Exit mobile version