ජනපති කාර්යාලයටත් වඩා ලොකු මෙට්ටයක් ගෙනත්.

පෞද්ගලික ආයතනයක් මගින් මුදල් ගෙවා පාර්ලි‌‌මේන්තුව විසින් ඇනවුම් නොකරන ලද භාන්ඩ කිහිපයක් ඉකුත් ජුලි මස 11 වැනිදා පාර්ලිමේන්තුවට ලැබී තිබේ. පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ප්‍රකාශ කරන ආකාරයට එලෙස ගෙන්වන ලද භාණ්ඩ අතර අඩියකට වඩා උස මෙට්ටයක්ද තිබී ඇත.

කෙසේ වෙතත් මෙම භාණ්ඩ ගෙන්වීම සදහා ලියකියවිලි අත්සන් තබා ඇත්තේ ජනාධිපතිවරයාගේ පාර්ලි‌‌මේන්තු ලේකම් බවත් එම මෙට්ටය ගෙනවිත් තිබෙන්නේ ජනාධිපති කාර්යාලයට බවත් අද( 09) බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විසින් පාර්ලි‌‌මේන්තුවේදී හෙළිදරව් කර තිබේ.

මීට අමතරව ජනපතිගේ දිව්රුම්දීමේ උත්සවයට අදාල බිල්පත ගෙවා ඇත්තේද අදාල භාන්ඩ වලට මුදල් ගෙවූ බවට පවසන පෞද්ගලික ආයතනය විසින්ම බව අදාළ භාණ්ඩ පිළිබද  හෙළිදරව් කල මන්ත්‍රීවරයා විසින්ම පවසන ලදී. එබැවින් ඔහු පාර්ලි‌‌මේන්තු මහලේකම් වරයාගෙන් ඉල්ලා තිබෙන්නේ මේ පිළිබද පරීක්ෂණ පවත්වන ලෙසයි.

එමෙන්ම ඉහත සිදුවීමට අදාල සමාගමට හම්බේගමුව ප්‍රදේශයේ අක්කර 20 ක ඉඩමක් පවරා තිබෙන බව පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version