ජනපති කූරගල පුදබිමට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කූරගල පුදබිමේ හදිසි නිරීක්ෂණයක නිරත වූ අතර එහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

කූරගල පුදබිම වෙත අද (16) සවස සපැමිණි ජනාධිපතිවරයා ඉදිවෙමින් පවතින දාගැබ, බුදු පිළිම වහන්සේ සහ ධර්ම ශාලාවේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීය.

කූරගල විහාර භූමියේ සංවර්ධන කටයුතු සිදුවන්නේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් සහ උපදේශකත්වයෙන් ය.

එහි දී ජනපති විසින් පුදබිම ආශ්‍රිත මාර්ග පද්ධතියේ සහ ආසන දෙදහසක් පැනවිය හැකි ධර්ම ශාලාවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසට අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

කූරගල පුදබිම පිහිටා ඇත්තේ සබරගමුව පළාතේ බලංගොඩ සිට කිලෝමීටර් 30ක් දුරින් පිහිටි කල්තොට නිම්නයේ ය.

මෙම කූරගල පුදබිම තුළ මහ රහතුන් වහන්සේලා වැඩ සිටි ගල්ලෙන් 13ක් සහිත වන අතර එය දීර්ඝ ඉතිහාසයකට ද උරුමකම් කියන පුදබිමකි.

Exit mobile version