පසුගිය දිනක වැලිගෙපොල ප්‍රාදේශීය ලේකමි කොඨිඨාශයට අයත් බඔරගල වන අරනේ දහයියාගලට ඉස්මත්තෙන් වලගම්බා රජ සමයේ පුස්සදේව යෝදයාගේ බිරිද ලෙස සැලකෙන ඇස් අන්ද කණබිසවගේ කුටි ගෙය ලෙස ව්‍යවහාර වන ගල් ගුහාවට යාබද ප්‍රදේශයේ පර්චර්ස් 30ක කැලැ බද කොටසක් මැන වෙන් කර ගැනීමට තමන්ට බලයක් ලබා දුන් බව හා ජනාධිපති ලේකමි කාර්යාලයේ ලිපියක් මගිින් එයට අවසර ලබා දී ඇති බව ප්‍රකාශ කරමින් වන අඩවි නිලධාරින් ඇතුලු රාජ්‍ය නිලදාරීන්ද බඔරගල ආරණ්‍ය සේනාසනයේ හිමිවරැ ද නොමග යවා එම රක්ෂිතය ට ඇතුලු වී එහි ඇති ඉතා වටිනාකම කින් යුතු කරුවල හා කලුමැදිරිය ශාක කපා දමා විනාශ කර දමා ඇත .ඊට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනිිමට ඉදිරියේ දී කටයුතු සිදු වෙමින් පවතින බවට තොරතුරැ දැන ගැනීමට ඇත .
මෙසේ මෙම රක්ෂිතය විනාශ කිරීමට පැමිනි පුද්ගලයා යම් ආබාධිත තත්වයකින් පසු වී ඇති හෙයින් මෙම කරුවල ශාක විනාශ කිරීමට තවත් තිදෙනකු සම්බන්ධ කරවා ගෙන ඇත .
නමුත් හමුදා හා පොලිස් බුද්දි අංශ වාර්තා වලින් ද පරිසර වේදීන්ගේ වාර්තා වලින්ද කියවෙන්නේ මෙම පුද්ගලයා ට රක්තෂියට ඇතුලු වීමට සහ කිසිදු ශාකයකට අත තැබීමට හෝ එවැන්නක් මෙහෙයවීමට කිසිදු ලිඛිත අවසරයක් හෝ ජනාධිපති ලේකමි කාර්යාලයේ ලියවිල්ලක් හෝ ලබා දී නොමැති බවය.
මෙම කරුණු සලකා බලා අපරාධය කල පුද්ගලයා ට එරෙහිව නීතිමය කටයුතු සිදුවන බවට අප වෙත තොරතුරැ දැන ගැනීමට ඇත.