ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති 07 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ ඇත.
ජනාධිපතිවරයා ඊයේ (2023/02/10) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ.
ජනාධිපතිවරයා සහ දූත පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් – 309 දරන ගුවන් යානයෙන් බව තව දුරටත් වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 08 වැනි දින රාත්‍රියේ ඕස්ට්‍රෙලියාව බලා පිටත් ව ගියේ ය.
ජනාධිපතිවරයා සිය සංචාරය තුළ 07 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර, රටවල් රැසක රාජ්‍ය නායකයන් සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා ද පවත්වනු ලැබීය.