පසුගිය කාලවකවානුවල පමණක් නොව මේ වෙද්දී පවා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආර්ථික ගැටලුව විසදීමට පාලක පන්තිය මෙන්ම ඔවුන්ට සහාය දක්වන රාජ්‍ය පරිපාලන ශ්‍රේණියේ ප්‍රධාන නිලධාරීන්ට හැකියාවක් ලැබී නැත. සැබවින්ම ඒ ඔවුන්ගේ අදක්ෂතාවය සහ නූගත්කමයි. ඔවුන්ට අවශ්‍යතාවයක් නැති අතර දුක් විදින ජීවිත යනු ඔවුන්ගේ පයට පෑගෙන දුහුවිලි බව ඔවුන් සිතති. කෙසේ නමුත් රටේ ජනතාවගේ පීඩිත අවස්ථා සියල්ලේදීම පාහේ ආරක්ෂක අංශ තමන්ගේ රාජකාරියට එහා ගිය සුවිශේෂී කටයුතු ගනනාවක් කර තිබේ. සමස්ත ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විනාශ කිරීමට කටයුතු කරන එංගලන්තයට සහ විදේශ රාජ්‍යයන්ට ආවඩමින් මව් බිම විකුණන ඉතාම සුළු ප්‍රමාණයක් වූ ආරක්ෂක අංශ ප්‍රධානින් හැර දහස් ගණනක් වන හමුදා නිලධාරීන් හෝ භටයන් මෙන්ම පොලිස් නිලධාරින්ද මාතෘභූමිය වෙනුවෙන් සිදුකරන්නේ අති මහත් කැපකිරීමකි.
තම තරුණ කාලය මව් බිම වෙනුවෙන් කැප කරන ඔවුන්ගේ වේදනාවන්, හැගීම් මොනවාද යන්න අප හඳුනන්නේ පාලක පන්තියේම වරදින් ඇති වූ මෙරට වාර්ගික යුධ සමයේ සිටමය. වර්තමානයේ යුද්ධයක් නැති වුවත් යුධ, ගුවන් නාවුක මෙන්ම පොලිස්පති ඇතුළු සමස්ත ආරක්ෂක සේවයේම ජ්‍යෙෂ්ඨම සාමාජිකයන් වන්නේ යුධ සමයේ බොහෝ දුක් විඳි ප්‍රධානින්ය. නමුත් කිහිපදෙනෙකුම එසේ දුක් නොවිදි අයද සිටි. ආරක්ෂක අංශවල සිටින නීතිවේදීන්, ඇතුළු සමහර වෘත්තීය හමුදා නිලධාරීන් එසේ දුක් නොවිදි අයයි. නමුත් සමහර නීතිවේදීන් හමුදාවේ ගරුත්වයන් වෙනුවෙන් කටයුතු කරති. මීට අවුරුදු ගණනාවකට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නීති අධ්‍යක්ෂකවරිය විසින් යුධ සහ නාවුක හමුදා නීතිවේදීන් එකතුව ප්‍රිය සම්භාශනයක් පැවැත්වීමට සැලසුම් කලද යුද්ධ හමුදා නීති අධ්‍යක්ෂක එය තරයේ ප්‍රතික්ෂේප කළේය. ගුවන් හමුදා නීති අධ්‍යක්ෂකවරියගේ එම අමුතුම විදියේ කැරැල්ලට යුද්ධ හමුදාව විසින් ලබා දුන් පිලිතුර සමග යුධ හමුදාවේ විනයානුකූල බව මනාව පෙන්නුම් කිරීමට ඔවුන් සමත්විය.
සමස්ත ත්‍රිවිධ හමුදාවේම සාමාජිකයන් විශාල ප්‍රමාණයකට මේ වන විට හමුදාවල් එපා වී තිබේ. ඒ අන් කරුණක් නිසා නොව. පවතින ආර්ථික ගැටලුව ඔවුන්ට තදින්ම බලා තිබෙන බැවිනි. විවිධ ස්ථානවලින් නය ලබා ගත් දහස් ගනනක් වන හමුදා භටයන් මෙන්ම නිලධාරින්ද දැඩි පීඩනයකට ලක්ව සිටි. නමුත් හමුදා නායකයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් තමන්ගේ යටත් නිලධාරීන් හෝ භටයන් දෙස බැලියයුතු අකාරයෙන් බලන බවක් දක්නට නැත. බැලුවත් ඔවුන්ට තිබෙන ආර්ථික ගැටලුවට පිළිතුරු ලබා දිය යුත්තේ රජය විසිනි. රජයද දුවන්නේ මිනිසුන්ගේ දුක නොදුටු ගානටය.
මේ අතර ගුවන් හමුදාපතිවරයා පසුගිය 3 සහ 4 දිනයන් වලදී රට පුරා සවාරියක් ගියේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකිනි. කාගේ හෝ වරදකින් ගුවන් භටයන්ගේ හෝ නිලධාරීන්ගේ දුක නොදැනුනු ඔහු එම විනෝද සවාරියේදී ගුවන් භටයන් සමග කතා බස් කිරීමටද අමතක කර නොතිබුණි. නමුත් ඔහු සහ ඔහුගේ දැඩි හිතවත් පරිපාලන නිලධාරියා සමග එක්ව ගුවන් භටයන් සහ කාන්තාවන් විශාල ප්‍රමාණයක් ගුවන් හමුදාවෙන් නෙරපා හැරියේ ගුවන් හමුදාවට දැඩි අපකීර්තියක් ඇතිවන ලෙසිනි. නමුත් එක්වරම ඔහුට ගුවන් භටයන් මතක් වී ඇත්තේ සේවා දිගුව ලබා ගැනීමට විය යුතුය. එය හරියටම “ හූවෙන් නරියා හදුනා ගත හැකිය” යන පැරණි ප්‍රස්තාව පිරුලට සමාන වේ.
ඔහුට තව දුරටත් සේවයේ රැදී සිටිමින් නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරියා වන එයාර් වයිෂ් මාර්ෂල් උදේනි රාජපක්ෂ ද ගෙදර යැවීමට අවශ්‍ය නම් කල යුත්තේ මේ වන විට නිරපරාදේ රැකියාව අහිමි කල ගුවන් භටයන්ට යුක්තිය ඉටු කිරීමත්, විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරින්ගෙන් පලිගැනීමත් නවතා නිසි උපදෙස් මත පීඩිත ගුවන් හමුදා නිලධාරීන්ට සහ භටයන්ට සහන සැලසීමයි. නමුත් ජාතියක්, ජන්මයක්, පවුලක්, ළමයෙක් නැති අයගේ උපදෙස් සහ පරිපාලන උපදෙස් වලින් මේ වන විට සිදුව ඇත්තේ මෑත ඉතිහාසයේ සිදු නොවූ තරම් ගුවන් භටයන් විශාල ප්‍රමාණයකට රැකියාව අහිමි කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම පමණි. එය නිසි ලෙසම සටහන් කරන්නේ නම් ඔහු ගුවන් හමුදාපති ලෙස පත් වූ මුල් මාස 6,7 සිටියා සේ කටයුතු කිරීමයි විය යුත්තේ. සමහර විට මුල සිටම සිදුකල පලිගැනීම් කරලියට පැමිණියේ මුල් මාස කිහිපය පසු වූ විටද විය හැකිය.
මෙම සවාරියදී ගුවන් හමුදාවේ සාමාජිකයන්ට ලැබුණු දෙයක් නැති අතර මඩකලපුව, අම්පාර, වව්නියාව, පාලවි යන කඳවුරුවලටද සංචාරය කල ඔහු ත්‍රිකුණාමලයේදී ගොල්ෆ් ක්‍රීඩාවේ නියැලීමට අමතක කර නොතිබුණි. එය හරියටම “ ඌරන් කැකුණ තලනකොට හඹන් කුකුලන්ට රජ මගුල් වගේය”. හරි වැරැද්ද නිසි ලෙස සොයා නොබලා දූෂිත නිලධාරීන්ගේ උපදෙස් මත පස්ස පැත්තට පයින් ගසා “ එංගලන්තයට ආවඩන ගුවන් හමුදා නායකයන්” හෝ හමුදා නායකයන්ගෙන් මෙන්ම රාජ්‍ය නායකයන්ගෙන්ද වැඩක් නැති බව මේ වන විටත් ඔප්පු වී අවසන්ය. ත්‍රිවිධ හමුදා භටයන්ට පවා තමන්ගේ රැකියාව එපා වී ඇත්තේ පවතින ආර්ථික ක්‍රමය නිසා නම් දැන් කල යුත්තේ කුමක්ද යන්න අප දිගින් දිගටම පෙන්වා දී ඇතත් පාලකයන් සහ ආයතන ප්‍රධානීන්ගෙන් බහුතරයකගේ හැසිරීම නම් “ ඇටි කෙසෙල් කාපු උගුඩුවන් සේය”. ලක්ෂ ගණනාවක් වියදම් කරමින් ගුවන් හමුදාපති පසුගිය 3 සහ 04 වැනිදා සිදුකල ගුවන් සවාරිය “කිඹුල් කදුළු හෙලීමක්” වැනිය.
ගුවන් හමුාපතිවරුන් වීමට සිටි එයාර් වයිෂ් මාෂල් රවී ජයසිංහ, එයාර් වයිෂ් මාෂල් තුයියා කොන්තා සහ පසුගිය 12 වැනිදා විශ්‍රාම ගිය එයාර් වයිෂ් මාෂල් පායෝද රට වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් සිදුකල විශිෂ්ඨ ගණයේ නිලධාරින්ය. වර්තමාන ගුවන් හමුදාපතිගේ සේවා දිගු හේතුවෙන් සහ පරිපාලනමය ගැටළු නිසා ද ඔවුන් තිදෙනාට ගුවන් හමුදාපති පුටුව පෙනී පෙනී ගුවන් හමුදාවට සමු දුන්නේය. ඊලගට සිටින උදේනි රාජපක්ෂ මහතාගේද කටයුතු පිලිබදව මනා දැනුමක් සහ ඔහුගේ පෞද්ගලික තොරතුරු රාශියක් අප සතුව තිබේ. එබැවින් වර්තමාන ගුවන් හමුදාපති කටයුතු කල යුත්තේද “ ඉගුරු දී මිරිස් ගත්තා සේ “ ගුවන් හමුදාව තව තවත් වලපල්ලට යාමට ඉඩ දී බලා සිටීම නොවේ. තමන් නිසා හොද නායකයන් විශ්‍රාම යන්නේ නම් තමන් විසින් එම අඩුව පිරවිය යුතුය.