ජනපති මල්වතු සහ අස්ගිරි මහනාහිමියන් බැහැදකියි

ඊයේ (05) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගෙන ඇත.

ජනපති පළමුව මල්වතු මහා විහාරය වෙත ගොස් මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහි දී ජනපති විසින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ‌ෙඵතිහාසික ස්ථානවල ආරක්ෂාවට සහ සංරක්ෂණයට රජය ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳව නාහිමියන් දැනුවත් කර ඇත.

අනතුරුව ජනපති අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ඇත.

ඉන් අනතුරු ජනපති ගෙඩිගේ රජමහා විහාරය වෙතද පැමිණ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් බැහැදැක ඇති බව ද වාර්තා වේ.

Exit mobile version